භූගත කුටියකින් දැරියක් - තුන් කට්ටුවක් එකතු වෙලා ගැහුව හිතාගන්නවත් බැරී ගේම.. කෙලවර වුණ තැන..

Sri Lanka Police Sri Lanka Police Investigation Latest Headlines Decision Making
By krishani Jun 12, 2024 04:16 PM GMT
krishani

krishani

Report

භූගත කුටියක සඟවා සිටි 14 හැවිරිදි දැරියක් ඉන් මුදා ගැනීමට බුත්තල පොලීසිය අද (12) සමත් විය.

භූගත කුටියකින් දැරියක් - තුන් කට්ටුවක් එකතු වෙලා ගැහුව හිතාගන්නවත් බැරී ගේම.. කෙලවර වුණ තැන.. | A Girl Who Was Kidnapped And Hidden

ඒ බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් සිටිය දැරියක් ය.

ඇයගේ පෙම්වතා බව පැවසෙන 20 හැවිරිදි තරුණයෙකු විසින් එම දැරියව පැහැරගෙන ගොස් ඇත්තේ.

පසුගිය 9 වනදා රාත්‍රියේ දී බුත්තල කටුගහගල්ගේ ප්‍රදේශයේ නිවසකට පැමිණි තරුණයන් තිදෙනෙකු එහි නිදා සිටි 14 හැවිරිදි දැරිය පැහැරගෙන ගොස් තිබුණී.

එම අවස්ථාවේ දී පැහැරගැනීම වැළැක්වීමට උත්සාහ කළ දැරියගේ පියාගේ අතකට එක් තරුණයෙකු තියුණු ආයුධයකින් පහරදී ඇත.

පසුව ඒ සම්බන්ධයෙන් දැරියගේ පියා පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා 

ඒ අනුව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔහුව මෙම මස 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ය.

එහෙත් පැහැර ගැනීමට ලක්වූ දැරිය සොයාගැනීමට පොලීසියට හැකි නොවීය.

නමුත් කළ දීර්ඝ විමර්ශනයේ දී ප්‍රධාන සැකකරු සමග දැරිය පැහැරගැනීමට පැමිණි අනෙක් තරුණයන් දෙදෙනා අනාවරණ කරගැනීමට පොලීසියට හැකි විය.

ඒ අනුව පොලීසිය අදාළ තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරුව ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් දෙදෙනා පාපෝච්චාරණය කර ඇත්තේ පැහැරගත් දැරිය බුත්තල නගරාසන්නයේ පිහිටි ප්‍රධාන සැකකරුගේ මාමාට අයත් නිවසක භූගත කුටියක සිරකර සිටින බවය.

ඒ අනුව බුත්තල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයතිලක බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කඩිනමින් අදාළ නිවස වෙත පිටව ගොස් තිබෙනවා.

එහිදී අදාළ දැරියව පොලීසිය විසින් මුදා ගත්තේ ය.

මෙම භූගත කුටිය, දැරිය සඟවා තැබීම සඳහාම මීට මාස එකහමාරකට පමණ ඉහත දී සකස්කර ඇති බව පොලීසිය පැවසීය.

මෙම කුටිය අඩි පහක උසකින් සහ අඩි 6ක පළලකින් යුක්ත වූ අතර එයට වාතාශ්‍රය ලැබීම සඳහා ඉතා කුඩා සිදුරු දෙකක් පමණක් ඇත.

මෙහිදී මෙම නිවස හිමි පුද්ගලයාද පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

කුටියෙන් මුදාගත් දැරිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරුණු අතර එම සැකකරුවන් අද දිනයේ දී වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණේ ය.

එහිදී ඔවුන් දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින සිද්ධියේ ප්‍රධාන සැකකරු, පැහැරගැනීමට ලක් වූ 14 හැවිරිදි දැරියගේ වැඩිමහල් සොයුරිය සමග මින් පෙර ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති බව පොලීසිය විසින් අණාවරණය කරගෙන තිබෙනවා.

ඔහු සමග යෑමට පැමිණෙන ලෙස අවස්ථා කිහිපයකදීම ඇයගෙන් කළ ඉල්ලීම් ඇය ප්‍රතික්ෂේප කර ඇත.

ඒ හේතුවෙන් එම ප්‍රේම සබඳතාව නතර කර ඇයගේ සහෝදරිය වන පැහැරගැනීමට ලක් වූ 14 හැවිරිදි දැරිය සමග ඔහු ප්‍රේම සබඳතාවක් අරඹා තිබෙනවා.

මීට මාස දෙකකට පමණ ඉහතදී ද සැකකරු විසින් මෙම දැරිය බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇත.

එහිදී අත්අඩංගුවට ගැනුණු සැකකරු ඇප මත මුදාහැර ඇති අතර එයට ද මෙවර අත්අඩංගුවට ගැණුනු සැකකරුගේ මාමා උපකාර කර ඇති බව අණාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත්, එහිදී අදාළ පුද්ගලයා දැරියව නිවසේ අට්ටාලයක සඟවා තිබූ බව පොලීසිය සඳහන් කළේ ය.