අගමැති මහින්ද රාජපක්ෂ Yohani ට දෙන්න යන දේ..?
'මැණිකේ මගේ හිතේ' ප්රතිනිර්මාණ ගීතය ගායනා කරමින් ලොව පුරා අතිශය ජනාදරයට පත්වූ යොවුන් ගායිකා යොහානි ද සිල්වා මෙනෙවිය ශ්‍රී ලංකාවට ගෙනදී තිබෙන කීර්තිය සම්බන්ධයෙන් ඇයට ගෞරවයක් ලබාදීමට අගමැති මහින්ද රාජපක්ෂ පියවර ගෙන තිබේ.
ඒ අනුව, ඉදිරි දිනකදී අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ උත්සවයකදී ඇයට එම ගෞරවය ලබා දීමට අවශ්‍ය පියවර මේ වනවිටත් ගනිමින් පවතින බව බෞද්ධ හා ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන පැවසීය.
ඇයට නිසි ගෞරවයක් ලබාදීමට අවශ්‍ය කිසිදු වැඩපිළිවෙළක් රජය මගින් සිදුකර නොමැති බවට ඇතැම් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ගෙන යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ද පසුගිය කාලය තුළ සංචරණ සීමා පනවා තිබීම හේතුවෙන් එම කටයුතු කිරීමට තරමක් ප්‍රමාද වූ බව ද මහාචාර්යවරයා පැවසීය.
ඉන්දියාව, ඇමෙරිකාව, ඉතාලිය වැනි ලොව පුරා බොහෝ රටවල් රැසක ඇගේ හැකියාවන් වැළඳගෙන ඇති බව ද ශ්‍රී ලාංකිකයන් වශයෙන් එය අපට මහත් ගෞරවයක් ගෙන දෙන්නක් බව ද ඒ මහතා පැවසීය.
මෙරට කිසියම් පුද්ගලයකු රටට කීර්තියක් ගෙන දීමට කටයුතු කරන්නේ නම් ඔවුන් ඇගයීමට රජය කිසිසේත් ම පැකිළෙන්නේ නැති බව ද මේ සම්බන්ධයෙන් මව්බිම ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
======================================
අනතුරකට ලක්වූ yohani ප්‍රසංගයේදි දැක්වූ දක්ෂතා-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |