මෙරට ඉන්ධන පාරිභෝගිකයන්ට හදිසියේම ලැබුණු සුභ ආරංචිය..

Fuel Price In Sri Lanka China Minister of Energy and Power Kanchana Wijesekera Latest Headlines
By Sewvandhi Mar 28, 2024 01:31 PM GMT
Sewvandhi

Sewvandhi

Report

චීනයේ සයිනොපෙක් සමාගම විසින් මෙරට ඉදිකිරීමට නියමිත ඉන්ධන පිරිපහදුවේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා X පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේ, සයිනොපෙක් සමාගමේ නියෝජිතයින් පිරිසක් තමාට ඒ බව දැන්වූ බවයි.

ඊයේ (27) කොළඹදී එම සාකච්ඡාව පවත්වා තිබෙනවා. නව පිරිපහදුව හම්බන්තොට ස්ථාපනය කිරීමට නියමිත අතර ඊට අදාළ එකඟතා ගිවිසුම් කඩිනමින් අත්සන් කිරීමට සයිනොපෙක් සමාගම එකඟ වී තිබෙනවා.

එම ව්‍යාපෘතිය සඳහා ආයෝජනය වැඩි කිරීමටත් පිරිපහදුවේ ධාරිතාවය වැඩි කිරීමටත් එකඟ වී ඇති අතර ව්‍යාපෘතිය ජූනි මාසයේදී ආරම්භ කිරීමට නියමිතය.

එම ව්‍යාපෘතිය සඳහා පසුගිය නොවැම්බර් මාසයේදී කැබිනට් අනුමැතිය හිමිවූ අතර එහි ආයෝජනය සඳහන් වූයේ ඩොලර් බිලියන 4.5ක් ලෙසට ය.