නිවසක ගින්නක් ඇවිලී යයි - දරුවන් දෙදෙනාගේ පොත්පතුත් ඔක්කොම විනාශ වී යයි.
Sri Lanka
Fire
By krishani
බේරුවල බදනාගොඩ ප්‍රදේශයේ නිවසක එම නිවසේ කොටසකට ගින්නකින් ඇති වි තිබෙනවා.
ඒ හේතුවෙන් එම නිවසේ දරුවන් දෙදෙනාගේ සියලු පොත්පත් විනාශ වී ඇති බව වාර්තා වේ.
නිවසේ සියලු දෙනා රාත්‍රී 7ට පමණ රූපවාහිනිය නැරඹිම සඳහා අසල නිවසකට ගිහින් සිටි අවස්ථාවේ මෙම ගින්න හටගෙන ඇති බව බේරුවල පොලිසිය සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න පාලනය කර ඇත.
මේ අතර දරුවන් දෙදෙනාගෙන් වැඩිමහල් දරුවා ශිෂ්‍යාත්ව විභාගයට පෙනී සිටින අතර බාල දරුවා පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.
