මහ මුහුද මැද ධීවර යාත්‍රාවක ගින්නක්.

Sri Lanka Sri Lanka Navy Fire
By krishani Aug 13, 2023 10:41 AM GMT
krishani

krishani

Report

වෙන්නපුව ධීවර වරායෙන් පිටත් වී ගිය බහුදින ධීවර යාත්‍රාවක් මුහුදු සැතපුම් 70ක් පමණ දුර ගමන් ගත් පසු හදිසියේ ගිනි ගැනීමකට ලක් වී ඇත.

එම ගිනි ගන්නා අවස්ථාවේ දී එහි ධීවරයන් 07දෙනෙකු සිට තිබෙනවා.

එහිදී නාවික හමුදාව විසින් ඔවුන් නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කර ඇත.

ඔවුන් වයස අවුරුදු 20ත් 43ත් අතර වයස්වල පසුවන තොඩුවාව, තඹුත්තේගම, සහ මාම්පූරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

ගිනි ගැනීමට හේතුව ධීවර යාත්‍රාවේ එන්ජිමේ හටගත් දෝෂයක් බවට සැක කරයි.

කෙසේ වෙතත්, නාවික හමුදාව විසින් ඔවුන්ව ගාල්ල වරාය පොලිසියට භාර දී ඇති අතර ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මුදා හැර තිබෙනවා.

ReeCha