රුපියලක් නිසා උරණ වූ කොන්දොස්තරවරයෙක් වකුගඩු රෝගියෙකුට පහර දුන් ඛේදනීය පුවතක්.. (VIDEO)
By krishani
නියමිත ගාස්තුවට වඩා රුපියලක් අඩුවෙන් මුදල් ලබාදීම හේතුවෙන් කෝප වූ බස් කොන්දොස්තරවරයෙකු 72 හැවිරිදි වකුගඩු රෝගියෙකුට පහරදුන් පුවතක් පොලොන්නරුවෙන් වාර්තා වේ.
අදාළ පුද්ගලයා මේ වනවිට පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබනවා.
පොළොන්නරුව ශ්‍රී ලංගම ඩිපෝවට අයත් බස් රථයක කොන්දොස්තරවරයෙකුයි මෙම පහරදීම සිදුකර ඇත්තේ.
පහරදීම සිදුවන අයුරු බස් රථයේ සිටි තරුණයෙකු විසින් වීඩියෝගත කර තිබුණා.
විඩියෝ දර්ශන - Hiru News Y-Tube Channel
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |