රට සිටින මවගෙන් මුදල් ගන්න පොළොන්නරුවේ පියෙක් අවුරුදු එකහමාරේ දරුවට කළ අපරාධය.
අවුරුදු එකහමාරක් පමණ වයසැති කුඩා දැරියකට පියා විසින් අමානුෂික ලෙස පහරදෙන සිදුවීමක් වාර්තා වෙනවා.
ඒ, පොළොන්නරුව බකමූණ ප්‍රදේශයෙන්.
විදේශගතවී සිටින දැරියගේ මවගෙන් මුදල් ගෙන්වා ගැනීම සඳහා ඔහු මෙලෙස දැරියට පහරදෙමින් වේදනාවෙන් හඬාවැටෙන දැරියව වීඩියෝ කර ඇය වෙත යවන බව වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.
දරුවාගේ ඇඬිල්ල තඹ දොයිතුවකට මායිම් නොකරන මෙම පියා, මුදල් අවශ්‍ය සෑම මොහොතකම මෙවැනි වීඩියෝ පට ඇයගේ මවට යොමු කරන බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් දරුවාගේ මිත්තණිය අදහස් දක්වා තිබුණේ මෙලෙසින්,
"මේ මාසේ සල්ලි දෙන්න පරක්කු වුණ නිසා තමයි ළමයට ගහලා තියෙන්නේ. ඊයේ හවස තමයි මට වීඩියෝ ටික එවලා තිබ්බේ. දරුවට ගහනකොට මට ලොකු ගින්නක් ඇති වුණා. මට එක පාරටම තමක් වුණේ පොලීසිය. ඉතින් මම පොලීසියට ගියා."
පසුව දරුවාගේ පියාව ඊයේ (09) රාත්‍රියේ අත්අඩංගුවට ගැණුනු අතර ඔහු අද (10) හිඟුරක්කොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
ඔහු මෙම විවාහයට පෙර තවත් විවාහයක් සිදු කරගත් අයෙක් වන අතර දරුවන් දෙදෙනෙකුගේ පියෙකු බවත් සඳහන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. වැඩි විස්තර මෙතැනින් |