දූෂණ විමර්ශන නිලධාරීන් 27කට ස්ථාන මාරුවීම් දුන්නේ තොරතුරු සඟවන්න..

Sri Lanka Ministry of Health Sri Lanka Sri Lanka Police Investigation Latest Headlines
By Piyumika Jul 24, 2024 04:18 AM GMT
Piyumika

Piyumika

Report

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂණ විමර්ශන අංශයේ නිලධාරීන් 27 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පැවසීය .

එහි සභාපති රවී කුමුදේශ් මහතා පවසනුයේ , මෙම තත්ත්වය තොරතුරු සැඟවීමේ උත්සහායක් බවට සැකයක් පවතින බවයි.

ආබාධිත කාන්තාවකගේ නිවසක් හදිසියේ ගිනි ගනී..ගිනි නිවීමට පැමිණි අයෙකු ගිණි ගොඩ මැදට වැටී බරපතළ තුවාල..

ආබාධිත කාන්තාවකගේ නිවසක් හදිසියේ ගිනි ගනී..ගිනි නිවීමට පැමිණි අයෙකු ගිණි ගොඩ මැදට වැටී බරපතළ තුවාල..

"සෞඛ්‍ය සේවයේ විතරක් නෙමෙයි රාජ්‍ය සේවය තුළත් දුෂණ වංචා රැසක් තියෙනවා හෙළිදරව් කිරීමට නිලධාරීන්ට නොහැකි වෙලා තියෙනවා. නීතිය පැහැදිලි වෙන්න ඕනේ. අද අපි මේක ගැන කතා කරනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන අංශයේ 30 දෙනාගේ 27ක් මාරු කරලා. එක්කෝ එයාලව මාරු කරලා තියෙන්නේ එයාලගෙන් වැරදි වෙච්ච බව සෞඛ්‍ය ලේකම්වරයා පිළිගත්ත නිසා වෙන්න ඕනේ. එහෙම නම් ඒ අයට දඬුවමක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් පහුගිය තොරතුරු දන්න අයව මාරු කරලා හොයා ගන්න බැරි තත්ත්වයක් උදා කරනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. මේ අමාත්‍යාංශයේ 27ක් මාරු කිරීම තුළ තොරතුරු සැඟවීමේ අවශ්‍යතාවයක් තිබිය යුතුයි."

ReeCha