සම්භාහනයට ලංකාවට ඇවිත් තටු කඩාගත් ඇමරිකානු කිරිල්ලිය - වියපත් කුරුල්ලා දැලේ
සම්භාහන ආයතනයකට පැමිණි 25 හැවිරිදි ඇමරිකානු ජාතික තරුණියකට අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද එම සම්භාහන ආයතනයේ වෛද්‍යවරයා ලෙස පෙනී සිටි ඉන්දියානු ජාතිකයකු 23 වන දින දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කිරීමට ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජිවනී පතිරණ නියෝග කර තිබෙනවා. මෙසේ රිමාන්ඞ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ මුරලි ෂියාම් නමැති 52 හැවිරිදි ඉන්දියානු ජාතිකයෙක්. අතවරයට ලක්වු තරුණිය අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ සංචාරක හෝටලයක් පවත්වා ගෙන යනු ලබන බවත් සඳහන්. සම්භාහන මධ්‍යස්ථානයට පැමිණි අවස්ථාවේ සැකකරු තමාට අතවර සිදු කළ බවට ඇය කොළඹ සංචාරක පොලිස් කොට්ඨාසයට විද්‍යුත් තැපෑලෙන් 09 දා පැමිණිල්ලක් කර තිබෙනවා. පසුව එම පැමිණිල්ල අහංගම පොලිසියට යොමු කර ඇති බවත් සඳහන්. ඒ අනුව වහා ක්‍රියාත්මකවු පොලිසිය සැකකරු සොයා ගියද ඒ වනවිට ඔහු හෝටලයෙන් පිටව ගොස් තිබෙනවා. පසුව කොළඹ මෝදර ප්‍රදේශයට ගොස් නිවසක සිටි සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.