කොරියාවේ රැකියා ගැන සාකච්ඡාවක්.
Shehan Semasinghe
Sri Lanka
Government Of Sri Lanka
South Korea
By Hashini
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහ දකුණු කොරියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය චුකියංග් හෝ අතර ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සහ ශ්‍රී ලාංකිකයන්ට කොරියාවේ ලබා දෙන රැකියා අවස්ථා සංඛ්‍යාව වැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
මෙම හමුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවට සමගාමිව පැවැත්විණි.
එසේම ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය දක්වන බවද දකුණු කොරියාව පවසනවා.
දෙරටේ නියෝජිතයන් ස්වාභාවික ආ දේශගුණික බලපෑම් අවම කිරීමේ විසඳුම් සඳහා ආයෝජන අවස්ථා වැඩි කිරීමට පෞද්ගලික අංශයට හැකිවන පරිදි රාජ්‍ය අංශය තුල ක්‍රියාමාර්ග වේගවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කොට තිබෙනවා.
