මේක නම් හොද දෙයක් නෙවේ ඖෂධ ඇණවුම් කිරීමේ ප්‍රමාදයක් ? ..

Sri Lanka Ministry of Health Sri Lanka National Health Service Drugs
By Piyumika Sep 16, 2024 06:05 AM GMT
Piyumika

Piyumika

Report

දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගෙන් ඖෂධ මිලදී ගැනීමට අද‍ාළව සෞඛ්‍ය අමාත්‍යංශය ආරම්භ කළ නව වැඩපිළිවෙළට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවට අනුබද්ධ දේශීය නිෂ්පාදකයන් විරෝධය පළ කිරීම අසාධාරණ බව දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි.

අධිවේගී මාර්ගයේ රාත්‍රී ජංගම සංචාරයේදී පොලිසියට හම්බ උන කෙනා බලන්නකෝ ..

අධිවේගී මාර්ගයේ රාත්‍රී ජංගම සංචාරයේදී පොලිසියට හම්බ උන කෙනා බලන්නකෝ ..

එහි සභාපති නලින් කන්නන්ගර ප්‍රකාශ කළේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවට අනුබද්ධ දේශීය නිෂ්පාදකයන්ගෙන් වැඩි මුදලට ලබාගත් ඖෂධ සමාන ආකාරයෙන් අවම මිල ගණන් යටතේ තවත් ඖෂධ නිෂ්පාදකයන්ගෙන් ලබාගැනීම සාධනීය බවයි.

ඒ අනුව පසුගිය වසරේදී රුපියල් තුනට ලබාගත් පැරසිටමෝල් ‌පෙත්තක් ලබන වසරේදී රුපියල් එකයි ශත හැත්තෑහතරකට ලබා ගැනීමට නියමිත බව ද ඔහු පෙන්වා දුන්නේය.

එසේම මෙම අවම මිල ගණන් යටතේ දැනට රුපියල් 482ට ඇති co - Amoxiclav oral susp 125/31 mg/5ml, 100 ml වසරේදී රුපියල්, රුපියල් 4468.82ට ඇති voriconazol 200mg ඖෂධය ලබන වසරේදී රුපියල් 3500කට ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත. මේ යටතේ ඖෂධ තුන්සියයක පමණ මිල ගණන් සියයට අටකින් (8%) අඩුකිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු යොදා තිබේ.

මුදල් ඔට්ටුවට වැඩ දාන්න ගිය 12කට අවසානේ වැඩ පෙන්නන්න වුණ තැන..

මුදල් ඔට්ටුවට වැඩ දාන්න ගිය 12කට අවසානේ වැඩ පෙන්නන්න වුණ තැන..

මෙතෙක් කල් දේශීය නිෂ්පාදකයන් විසින් නිෂ්පාදනය කරන ඖෂධ තෝරාගත් සමාගම් කිහිපයක් සමග වසර දහයකට පෙර ගිවිසුම් අත්සන් කර රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව විසින් මිලදී ගෙන තිබිණි. එහෙත් තවත් සමාගම් ඖෂධ නිෂ්පාදනයට ප්‍රවිශ්ඨවීම සහ මේ වනවිට මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් සියයට විස්සක් දේශීයව ඖෂධ නිෂ්පාදනය කිරීම නිසා අනෙකුත් නිෂ්පාදකයන්ගෙන් ද ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

මේ අයට ඡන්ද මධ්‍යස්ථාන නිරීක්ෂණය තහනම් - මැතිවරණ කොමිෂන් සභාව ගත්ත අලුත්ම තීරණය ..

මේ අයට ඡන්ද මධ්‍යස්ථාන නිරීක්ෂණය තහනම් - මැතිවරණ කොමිෂන් සභාව ගත්ත අලුත්ම තීරණය ..

ඖෂධ මිලදී ගැනීමේදී මිල කමිටු දෙකක් ක්‍රියාත්මක වු අතර, එය අහෝසිකර එක් මිල කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පත් කොට ඇත. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව දේශීය ඖෂධ නිෂ්පාදකයන් කිහිපදෙනකු සමග වසර පහකට පෙර වෙනම ගිවිසුමක් අත්සන් කර සෞඛ්‍ය අමාත්‍යංශයට ඖෂධ ලබා දී තිබු බවද සභාපතිවරයා කීවේය.

එක් ඖෂධ මිල කමිටුවක් යටතේ ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කිරීමෙන් පසු සියලු නිෂ්පාදකයන් ඖෂධ ලබාදීමේදී සියයට අටකින් (8%)කින් මිල අඩුකිරීම ප්‍රශංසනීය බවද සභාපතිවරයා සඳහන් කළේය.

මතට ඇබ්බැහි වූ කාන්තාවන්ට කරන්න යන අලුත්ම දේ බලන්න...

මතට ඇබ්බැහි වූ කාන්තාවන්ට කරන්න යන අලුත්ම දේ බලන්න...

එහෙත් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවට අනුබද්ධ සමාගම් නව ක්‍රමවේදයට විරෝධය පළකිරීම නිසා 2025 වසරේ තොග ඇනවුම් ලබාදීම ප්‍රමාද වී ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය. ඒ අනුව ඖෂධ ආනයනය අඩුකර දේශීය නිෂ්පාදන නගාසිටුවීම සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සිදුකළ යුතු බව එම සංගමයේ අදහසයි.