මාතෘ හා ළමා සායන සඳහා කෘතීම බුද්ධිය යොදා ගැනීමට තීරණයක්.
Sri Lanka
Artificial Intelligence
By Hashini
පවුල් සෞඛ්‍ය කාර්යංශය තීරණය කර තිබෙන්නේ, මාතෘ හා ළමා සායන සඳහා කෘතිම බුද්ධිය යොදා ගැනීමටයි.
එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා සඳහන් කළේ, ඒ සඳහා මූලික දත්ත එක්රැස් කිරීම ඉදිරි මාසයේ දී සිදු කිරීමට නියමිත බවයි.
ඔහු සඳහන් කළේ මෙය ජාත්‍යන්තර පර්යේෂණ සංවර්ධන මධ්‍යස්ථානය, කැනේඩියානු ආණ්ඩුවේ ප්‍රතිපාදන යෝජනා ක්‍රමයක් යටතේ සහ තවත් ආයතන කිහිපයක් යටතේ ක්‍රියාත්මක කරන බවයි.
විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා වැඩිදුරටත් පැවසුවේ මෙම කෘතිම බුද්ධිය යොදා ගැනීමෙන් අනතුරුව එම කළලයට, මවට සහ දරුවාට පසු කාලීනව සිදු විය හැකි සංකුලතා පුරෝකථනය කිරීමට ද හැකියාවක් ඇති බවයි.
