දින කිහිපයකට පෙර නිවුන් දරුවන් බිහි කළ මවකගේ මළසිරුරක් හමු වූ තැන.
Sri Lanka Police
Crime
Death
Murder
By Wayomi
ඊයේ (20) පස්වරුවේ බලපිටිය මංකඩ වෙරළ තීරයේ තිබී කාන්තා මළසිරුරක් අහුංගල්ල පොලීසිය විසින් සොයා ගැනුණා.
මෙලෙස මියගොස් ඇත්තේ, 9 හැවිරිදි අහුංගල්ල, ගල්වෙහෙර පදිංචි ව සිටි දෙදරු මවක්.
අදාළ කාන්තාව පසුගිය 18 වැනිදා සිට අතුරුදන් ව ඇති බවට ඇගේ සැමියා විසින් අහුංගල්ල පොලීසියට පැමිණිල්ලක් ද සිදු කර තිබුණා.
වැඩි දුරටත් වාර්තා වන්නේ,ඇය දින කිහිපයකට පෙර සිසේරියන් සැත්කමකින් නිවුන් පිරිමි දරුවන් බිහි කර ඇති අතර, සැත්කමේ වේදනාව දරාගත නොහැකි බවට පවසමින් ලියූ ලිපියක් ද ඇගේ නිවසේ තිබී හමු වූ බවයි.
