" මාව නරක විදිහට අල්ලනවා..මං තාත්තට ආදරේ නෑ.. එහෙම කිව්වම අම්ම හිනා වුනා.."දෙමව්පියන් නිසා අන්ත අසරණ වූ දියණියක් කියන ඇග හිරි වැටෙන කතාව..

By Sewvandhi Jan 14, 2022 12:09 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මේ සිද්ධිය වාර්තා වෙන්නේ මොරටුව ප්‍රදේශයෙන්. ඇය මේ වන විට නීතිය හදාරණ ශිෂ්‍යාවක්.

මේ කතාව ඇය හෙළි කරන්නේ ඇයට සිද්ධ වුණු අසාධාරණය වෙනුවෙන් යුක්තිය බලාපොරොත්තුවෙන්. ඇයට ඒ වෙනුවෙන් දිගු කාලීන සැලස්මක් තියෙනවා.

මේ ඇයගේ කතාව.

"පළවෙනි වතාවට ඒ දේ සිද්ධ වෙද්දි මං හුඟක් පුංචියි. සිද්ද වෙන්නෙ මොනවද කියලා හරියටම පහැදිලි කරලා කියන්න පුළුවන් වයසක නෙමෙයි මම හිටියේ. ඒත් මං අම්මට ඒක කියන්න උත්සාහ කළා. ඒත් එයාට ඒක තේරුණේ නෑ. ඒත් දෙවෙනි වතාවෙ සිද්ධ වෙනකොට ඒක නරක දෙයක් කියලා මට තේරුණා. ඒ නිසා තාත්තා මට ඒක අම්මට කියන්න එපා කියලා තර්ජනය කළා."

දරුවෙකුට කුඩා කළ සිටම ආදරය දැක්වීමේ සහ අපයෝජනය කිරීමේ වෙනස වටහා දිය හැකියි. ඔවුන්ට ඊට එදිරි වෙන්නට ඉගැන්විය හැකියි. ඔවුන් සුරක්ෂිත වන්නේ කා ළඟදැයි ඔවුන්ට පැහැදිළි කර දිය හැකියි. එහෙත් ආදරය දක්වන අයගෙන්ම, ආරක්ෂාව සපයන අයගෙන්ම අතවරයන් සිද්ධ වෙනකොට ඔවුන් ඊළඟට ගත යුතු පියවර මොකක් විය හකිද?

"තාත්තා මං ආස කරන හැමදේම මට ගෙනත් දුන්නා. කොටින්ම අම්මා මට කරන්න එපා කියන හැමදේකටම තාත්තා මට අවසර දුන්නා. එයා බලාපොරොත්තු වුණේ මං අම්මගෙන් ඒ දේ හංගගෙන ඉන්න එක විතරයි."

"තුන් වෙනි වතාවට තාත්තා මට කරදර කරනකොට මං හැමදෙයක් ගැනම දනුම් තේරුම් තිබුණු ළමයෙක්. මට එයා එක්ක පොරබදලා බේරෙන්න තරම් මට ශරීර ශක්තියක් නොතිබුණු බව ඇත්ත. ඒත් මං එදා එයාගෙ තර්ජනවලට බය වුණේ නෑ. මං හැමදෙයක්ම අම්මට කිව්වා. එදා ගෙදර ලොකු කලබලයක් ඇති වුණා. මං අම්මට කිව්වා තාත්තව පොලිසියට අල්ලලා දෙන්න කියලා. මං හිතුවේ හැම ප්‍රශ්නයක්ම එතනින් ඉවර වෙයි කියලා.

ඒත් සිද්ධ වුණේ වෙන දෙයක්. එදා අම්මයි තාත්තයි දෙන්නම එකතු වෙලා මට හොඳටම ගැහුවා. අම්මා මාව විශ්වාස කළේ නෑ. මං එයාලව වෙන් කරන්න හදනවා කියලා ඒ දෙන්නා මට චෝදනා කළා. අන්තිමට එයාලා මාව ඉස්කෝලෙනුත් මාරු කරලා හොස්ටල් එකකටත් දැම්මා.

මං හුඟක් දුර හිතුවා. ළමයෙක් විදිහට තනියම ගිහින් මේ ගැන පැමිණිලි කළොත් මාව පරිවාසෙකට දායි. එතනින් එහාට කිසිම දෙයක් සිද්ධ වෙන්නෙ නෑ. මට ඕන වුණේ වැරදි කරපු මිනිස්සුන්ට උපරිම දඬුවම් කරන්න. ඒ නිසයි මං නීතිඥවරියක් වෙන්න තීරණය කළේ. එයාලා දැන් මට හොඳින් සලකනවා. ඒ ගොල්ලෝ හිතන් ඉන්නේ මට දැන් ඒ හැමදේම අමතකයි කියලා. ඒත් මං දැන් තමයි වැඩ පටන් ගන්නේ."

ඇයගේ බලාපොරොත්තුව ඇය වෙනුවෙන් විතරක් නෙමෙයි. මේ විදිහට තමන්ගෙම ආදරණියයන්ගෙන්, සමීපතමයින්ගෙන් අපයෝජනයට ලක් වුණු හැම දරුවෙකුගෙම යුක්තිය සාධාරණය වෙනුවෙන් පෙනී සිටින්නයි.

සත්‍ය වශයෙන්ම ලෝකයට පොඩිහිටියන්ව විශ්වාස කරන වැඩිහිටියන් අවශ්‍යයි. පොඩිහිටියන්ට විශ්වාස කළ හැකි වැඩිහිටියන් අවශ්‍යයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now