නිවසේ සිටි කොවිඩ් රෝගියාට හදිසියේම සිදු වූ දේ - ඔබත් පරිස්සම්වන්න
කොවිඩ් ආසාදිතව නිවසේ ප්‍රතිකාර සඳහා යොමුකර සිටියදී අසාධ්‍ය තත්ත්වයට පත්වූ පුද්ගලයෙකු දියතලාව මූලික රෝහලට රැගෙනයන අවස්ථාවේදී මරණයට පත්ව තිබේ. එලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරවෙල, අඹතැන්නවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලයෙකි.
මහජන සෞඛ්‍ය පරික්ෂක - එතකොට මහත්තයා එන්නත් විඳගන්න ගියාද ?
මියගිය පුද්ගලයාගේ බිරිඳ - එකපාරක් ගියා එන්නත් ඉවරයි කිව්වා මේ පාරත් ගියාම විදගන්න බැරිවුණා. බණ්ඩාරවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් චෝදනා කරන්නේ පෞද්ගලික ආයතනවලින් සිදුකරගන්නා කොවිඩ් පරීක්ෂණවලින් ආසාදිතයින් බවට තහවුරුවන රෝගීන් නිවාස තුළ ප්‍රතිකාර සඳහා යොමුකරන ක්‍රියාවලිය අවිධිමත් බැවින් මෙවන් මරණ සිදුවන බවය.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බණ්ඩාරවෙල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රංජිත් දිසානායක මහතා කියා සිටියේ, “මෙයා රජයේ රෝහලකට යොමුකළා නම් ඇත්තෙන්ම රජයේ රෝහලක මේ පරික්ෂණ සිදුකරලා. රජයේ කායික විශේෂඥ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ තමයි නිවෙස් කරා යොමුකරන්නේ.
පුද්ගලික රෝහල්වල රසායනාගාරවලින් කරන මෙවැනි අන්ටිජන් පරික්ෂණවලින් මේ රෝගීන් නිවෙස් කරා යොමු කිරීම බරපතළ තත්ත්වයක්. මේ රෝගීයාගේ කිසිදු රෝග තත්ත්වයක් අපිට අනාවරණය වූණේ නැහැ. ඒ නිසා අවුරුදු 40ට වැඩි පිරිස් වෛද්‍ය රැකවරණය යටතේ තබාගෙන විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානවල හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල රැඳවාගැනීම ඉතාමත් සුදුසුයි,“ යනුවෙනි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |