යුධ හමුදා සෙබලුන් අතර ගැටුමක්..පාලනය කරන්න ගිය පොලිසියටත් ගහන්න යයි..

Police Army Aluthgama Gossips
By Aruna Sep 21, 2021 03:03 AM GMT
Aruna

Aruna

Report

හමුදා සෙබළුන් දෙදෙනකුට පෞද්ගලික ආරවුලක් මුල් කරගෙන පහර දුන් බව කියන විශ්‍රාමික හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගත් බව අලූත්ගම පොලිසිය (20)පැවසීය.

අලුත්ගම පොලිස්ථානයේ රාත්‍රි ජංගම සංචාරයේ යෙදි සිටි පොලිස් පරීක්ෂක අංජන සිල්වා මහතා ඇතුලු තවත් නිළධාරින් දෙදෙනෙකු විසින් අලුත්ගම පොලිස් වසමේ පදිංචි තරුණ හමුදා සේවයේ නියුතු පුද්ගලයන් දෙදෙනෙකුට පහරදිමට අදාළ සැකකාර විශ්‍රාමික හමුදා සෙබළෙකු වන පුද්ගලයා පදිංචි අංක 31/බි. පින්හේන, පාදාගොඩ, බේරුවල ලිපිනයේ නිවසට ගොස් අත්අඩංගුවට ගැනිමට යාමේදි සැකකරු හා නිවැසියන් විසින් සාපරාධි බලහත්කාරය පාමින් පොලිස් පරීක්ෂක අංජන නිළධාරියාට පොල්ලකින් පහරදිමට තැත්කර ඇත.

පසුව එම නිලධාරීන් අලුත්ගම පොලිස්ථානය දැනුවත්කර තවත් නිළධාරි කංඩායමක් ගෙන්වා ගෙන සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි විමර්ශන සිදුකරන පොලිසිය කියයි.

එම අවස්ථාවේ පොලිස් පරීක්ෂක . අංජන නිළධාරියාට හා පොලිස් කොස්තාල් ජයරත්න(83618) යන නිළධාරින්ට සිරිම් තුවාල සිදුවි ඇත.

සැකකාර විශ්‍රාමික හමුදා සෙබලාගේ දියනිය සමග පිංහේන, වෙළවටා පාරේ පදිංචි යුදහමුදාවෙ සේවය නියුතු සෙබළකු වන යන අයකු ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර එයට විරෝධය දක්වා සැකකරු විසින් එම හමුදා සෙබළා ට සහ ඔහුගේ ඥාති සහෝදරයකු වන දෙදෙනාට පහරදිමක් සිදුකර ඇති පැමිණිල්ල අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරීන්ට මෙම තත්ත්වයට මුහුණදීමට සිදුව තිබෙන බව අලුත්ගම පොලිසිය කියයි සැකකාර විශ්‍රාමික හමුදා සෙබලා එම අවස්ථාවේ තදින් බීමත්ව සිට ඇති බව අත්අඩංගුවට ගැනීමෙන් පසු වෛද්‍යවරයෙකු වෙත යොමුකිරීමෙන් සනාථ වී ඇතැයි අලුත්ගම පොලිස් ස්ථානයේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් සුදුසිංහ මහතා පැවසීය.

පහරකෑමට ලක්වූ හමුදා සෙබලුන් දෙදෙනා අලුත්ගම සීනවත්ත රෝහලට ඇතුලත්වි ප්‍රතිකාර ලබමින් සිටි.

මොවුන් දෙදෙනා වව්නියාව හා මින්නේරිය යුධ හමුදා කදවුරුවලට අනුයුක්තව සේවය කරන සෙබලුන් ය.

යුද හමුදා සෙබලුන් දෙදෙනාට පහරදී පොලිස් නිලධාරීන් සමඟ කලාකාරි ලෙස හැසුරුණු සැකකාර විශ්‍රාමික හමුදා සෙබලා අද (20)කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... https://chat.whatsapp.com/GfFEQQ8eQ3XKy7EaLwJMfL