චීන ජාතිකයකු පැදවූ මෝටර් රථයක ගැටී පියා මරුට පුතාට බරපතලයි..

Kalutara Sri Lanka Accident Death
By Piyumika Jun 17, 2024 07:56 AM GMT
Piyumika

Piyumika

Report

කළුතර නගරයේ පදික මාරුව මතින් පාර මාරුවෙමින් සිටි පිය පුතු යුවළක් චීන ජාතිකයින් පිරිසක් ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථයක ගැටී සිදු වූ අනතුරින් පියා මියගොස්, පුතා තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය වාර්තා කලේය .

උත්සව ශාලාවක හදිසි ගින්නක්..

උත්සව ශාලාවක හදිසි ගින්නක්..

අනතුරෙන් මියගොස් ඇත්තේ කළුතර නාගොඩ සංදර්ශනාරාම පාරේ පදිංචිව සිටී වත්ත වඩුගේ සදුන් අරවින්ද නමැති (46) හැවිරිදි පුද්ගලයෙකි .

මෝටර් රථය පැදවූ චීන ජාතිකයා අත්අඩංගුවට ගෙන මෝටර් රථය පොලිස් භාරයට ගත් බව පොලිසිය සඳහන් කර ඇත.

අභිරහස් පණිවිඩයක් සමග මුහුදේ පාවෙමින් තිබුණු පෙට්ටිය..(PHOTO)

අභිරහස් පණිවිඩයක් සමග මුහුදේ පාවෙමින් තිබුණු පෙට්ටිය..(PHOTO)

චීන ජාතිකයින් පිරිස ගමන්ගත් මෝටර් රථය බේරුවල දෙස සිට කළුතර දෙසට ගමන්කර ඇති අතර , ගොඩබිම දෙස සිට මුහුද දෙසට පාර මාරුවෙමින් සිටියදී මෙලෙස අනතුර සිදුව තිබේ.