පැය 02ක් ම?. උඩු ගුවනේ පා වුණ අත්භූත බැලුනය කුමක් ද?..ඡායාරූප සහිතයි..(PHOTOS)
තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ උතුරු තායිවානයට ඉහළ අහසේ චීන බැලූනයක් දර්ශනය වූ බවයි.
ඒ අනුව එවැනි සිදුවීමක් වාර්තා වූයේ මාස 6කට පසුව වීම විශේෂත්වයක් වේ.
මෙම හඳුනාගත නොහැකි බැලූන චීනයෙන් සිදුවන හිරිහැර ලෙස තායිවානය දකී.
මෙවැනි සිදුවීම් සිය භූමිය උල්ලංඝනය කිරීමක් ලෙසට හඳුන්වා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විවෘත සටනකින් තොරව අවිධිමත් උපක්‍රම භාවිත කරමින් සතුරකු වෙහෙසට පත් කිරිම සඳහා මෙවැනි ක්‍රියාකාරකම් සිදු කරන බවට චීනයට තායිවානය චෝදනා කර සිටී.
ඒ අනුව තායිවානය දෙසට බැලූනයක් පියාසර කරවීම එහි එක් පියවරක් ලෙස හඳුන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.
පසුගිය ජනවාරි මාසයේ තායිවානයේ ජනාධිපතිවරණයට සති කිහිපයකට පෙර සිට තායිවාන අහසේ එවැනි බැලූන විශාල වශයෙන් දර්ශනය වී තිබෙනවා.
අවසන් වරට එවැනි බැලූනයක් දර්ශනය වූයේ පසුගිය අප්‍රේල් මාසයේදී බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ ය.
කෙසේ වෙතත්, සැතපුම් 60ක් පමණ දුරින් උතුරු තායිවාන අහසේ පැය දෙකක කාලයක් මෙම බැලූනය පියාසර කර තිබෙනවා.
You May Like This Video👇
.