දිය රකුසාට බිලි වූ දරුවා
By Hashini
10 හැවිරිදි දරුවෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.
මෙම අනතුරට ලක්වී ඇත්තේ මොරගොඩ පොලිස් වසමේ මුරියාකඩවල ප්‍රදේශයේ ඥාතී නිවසකට පැමිණ සිටි දරුවෙකු මෙලෙස ඊයේ (30) සවස් කාලයේදී වැවක දිය නෑමට ගොස් සිටියදී.
මොරගොඩ පොලීසිය සඳහන් කළේ මරදන්කඩවල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දරුවා මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වූ බවය.
මියගිය දරුවා 10 හැවිරිදි මොරොන්තුඩුව, කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මොරගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.