ළමා ගැබිනියන් වැඩිවෙලා ඇඟ කිලි පොලායන අනාවරණයක්

Report

අතරින් පාසල් යන වයසේ සිසුවියන් ඉතාමත් අඩු වයසෙන් ගැබිනියන් බවට පත්වීම මේ වන විට ඉතා අවධානම්කාරී තත්ත්වයක් බවට පත්වී තිබේ.

ඒ අනුව පසුගිය වර්ෂවලට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 05ක කාලසීමාව තුළ දී බාලවයස්කාර දැරියන් ගැබ්ගැනීම ඉහළ ගොස් ඇති බව වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසයි.

උසස් පෙළ සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනයන් නිල වශයෙන් ප්‍රකාශ කරයි

උසස් පෙළ සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනයන් නිල වශයෙන් ප්‍රකාශ කරයි

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේ එම කාලසීමාව තුළ ලිංගික අතවරවලට ලක් වූ වයස අවුරුදු 18ට අඩු දැරියන් තිස්දෙදෙනෙක් ගර්භණී තත්ත්වයට පත්ව ඇති බවයි.

ජාතික ළමාරක්ෂණ අධිකාරිය මඟින් නිකුත් කළ වාර්තාවක් උපුටා දක්වමින් ඔහු සඳහන් කරන්නේ, 2023 වර්ෂයේ දී මෙවන් අතවරයන්ට ලක් වූ පිරිස් අතරින් අඩු වයසින් ගැබ් ගැනීම් 11ක් පමණක් වාර්තා වී තිබූ නමුත්, මේ වන විට ගතවූ මාස පහක කාලයේදී පමණක් සිදුවීම් 32ක් වාර්තා වීම ඉතා දරුණු තත්ත්වයක් බවයි.

මෙච්චර ඉක්මනට ශිෂ්‍යත්ව ප්‍රතිඵල?ප්‍රතිඵල එන දිනය මෙන්න

මෙච්චර ඉක්මනට ශිෂ්‍යත්ව ප්‍රතිඵල?ප්‍රතිඵල එන දිනය මෙන්න

දිවයිනේ ප්‍රමුඛ පෙළේ බාලිකා පාසල්වල පවා සිසුවියන් අඩු වයසින් ගැබ්ගැනීම මේ වන විට සුලබ සිද්ධියක් බවට පත්ව ඇති අතර, එයට ප්‍රධානම හේතුව ලෙස පාසල් අතර ලිංගික අධ්‍යාපනය එතරම් ප්‍රචලිත නොවන බවත් දෙමව්පියන් ගුරුවරුන් සහ සිසුන් අතර මේ කතා නොකරන මාතෘකාවක් බවට පත්වී ඇති නිසා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ගම්පහ ප්‍රදේශවාසීන්ට විශේෂ දැනුම්දීමක්

ගම්පහ ප්‍රදේශවාසීන්ට විශේෂ දැනුම්දීමක්