ජාතියක් ජම්මයක් නැති අය තමයි ඉතිහාසය එපා කියන්නේ - ජනපතිගෙන් සැර උත්තරයක්
මහනුවර ඇසළ පෙරහැර දින 10 අවසානය සනිටුහන් කරමින් සන්නස් පත්‍රය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ජනපති අනුර කුමාර දිසානායක මහතාට භාර දුන්නේය.
මහනුවර ජනාධිපති මන්දිරයේදී සිදුවූ මෙම උත්සවයේදී ජනපති නා පැලයක් රෝපණය කල අතර පෙරහැරට දායකත්වය ලබාදුන් කලාකරුවන්ව ඇගයීමද සිදු කළේය.
එහිදී ජනපති පසුගිය දිනවලදී දැඩි ආන්දෝලනයකට තුඩු දුන් ඉතිහාසය විෂය සම්බන්ධව අදහස් දැක්වීය.
ඔහු පැවසුවේ, ඕනෑම ජාතියකට තමන්ටම අනන්‍ය වූ උරුමයක් හා සංස්කෘතියක් තිබෙන බවත්, ඉතිහාසය හා සංස්කෘතිය මත ගොඩනැඟුණු පදනම අහිමි ජාතියක් හුදු පාවෙන මිනිස් සමූහයක් බවට පත්වන බවත් අවධාරණය කළේය. ඔහු සඳහන් කළේ එවැනි ජාතියක් “ජාතියක් ජම්මයක් නැති අය” බවට පත්වන බවයි.ඉතිහාසය මකා දැමීමට උත්සහ කලද එය කිරීම කිසිසේත් සිදු නොවන බවයි.