නවතම කාඩ්බෝඩ් මිනී පෙට්ටියක් (Covid)
කොවිඩ් ආසාදිත මෘතදේහ බහාලීම සඳහා රුපියල් 4,500ක් වැනි අඩු මුදලකට කාඩ්බෝඩ්වලින් නිෂ්පාදනය කළ මිනී පෙට්ටියක් දෙහිවල ගල්කිස්ස මහනගර සභාව පසුගියදා හඳුන්වා දී තිබේ.
දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ මන්ත්‍රීවරයෙක් වන ප්‍රියන්ත සහබන්දු මහතාට ඇති වු සංකල්පයක් අනුව එම කාඩ්බෝඩ් මිනී පෙට්ටි නිර්මාණය කර ඇත. කොවිඩ් මෘත ශරීර රුපියල් 30,000 - 40,000ක් වැනි අධික මුදලක් යටතේ ලබාගත් මිනී පෙට්ටියක දමා අවසන් කටයුතු සිදුකිරීම අපහසු වු බැවින් මෙවන් නිර්මාණයක් සිදුකිරීමට සිතූ බව ප්‍රියන්ත සහබන්දු මහතා පවසයි.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, “සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාට මා මේ සංකල්පය පිළිබඳ මීට කලින් දැනුවත් කරලා තිබුණා. එතුමා සැනින් අධිකරණ වෛද්‍යතුමාට මාව සම්බන්ධ කළා. ඊට පස්සේ අපි නගරාධිපති තුමාත් විශේෂයෙන් කොමසාරිස්තුමත් මේකට සම්බන්ධ කරගෙන මේ පෙට්ටිය අපි කලින් නිර්මාණය කරලා සාම්පල ගෙන්නගෙන තිබුණේ. ඊට පස්සේ තමයි අද අපි මේක යථාර්තයක් බවට පත්කරලා තියෙන්නේ.“ අදාළ මිනී පෙට්ටිය තුළ කිලෝ 100ක බරක් ඇති මෘත ශරීරයක් තැන්පත් කළ හැකි බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |