600 ක් පැමිණි අවමගුල..විශාල කොවිඩ් පොකුරක් වෙයි??

Sri Lanka Jaffna
By Aruna Sep 05, 2021 04:57 AM GMT
Aruna

Aruna

Report

පවතින කොරෝනා වසංගතය හමුවේ උත්සවයකට සහභාගි විය හැකි පිරිස සීමා කර තිබියදීත් යාපනය - අච්චුවේලි ප්‍රදේශයේ ඊයේ පැවති අවමංගල්‍යය උත්සවයකට පුද්ගලයින් 600ක් පමණ සහභාගි වී තිබෙනවා.

පසුව ඒ පිළිබදව තොරතුරු වාර්තා වීමත් සමග පොලීසිය පැමිණ අදාල පිරිස විසුරුවා හැරීමටයි කටයුතු කර ඇත්තේ.

අදාළ පිරිස මෙලෙස සහභාගි වී ඇත්තේ පසුගිය 2 වන දා අකුණු සැර වැදී මිය ගිය බස් රථ රියදුරෙකුගේ අවමංගල්‍ය උත්සවයකට බවයි පොලීසිය සදහන් කළේ.

මෙම රියදුරා සමග සේවය කළ සහෝදර සේවකයන් සහ ගම්වාසීන් එක්ව මෙම අවමංගල්‍ය පෙරහැර සංවිධාන කර තිබූ බව සඳහන්.

සංචරණ සීමා නොතකා පැවති මෙම අවමංගල්‍යයට කුඩා දරුවන් පවා සහභාගී කරවාගෙන ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now