තවත් පාසලක කොවිඩ් පොකුරක්
Covid-19
By Thaya
නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල ප්‍රදේශයේ පාසලක් සෞඛ්‍ය බලධාරීන් විසින් හදිසි පරීක්ෂාවකට ලක්කර තිබේ.
පාසල තුළ නිසි ලෙස සෞඛ්‍ය උපදෙස් පිළිනොපඳින බවට දරුවන්ගේ දෙමාපියන්, ආදි සිසුන් මෙන්ම පාසල් සංවර්ධන කමිටුව විසින් කළ පැමිණිල්ලක් මත කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ දිඹුල පොලීසියේ පොලිස් නිලධාරින් එම පරීක්ෂාව සිදුකර ඇත.
එම විද්‍යාලයෙන් මේ වන විට කොවිඩ් -19 වෛරසය ආසාදනය වු ගුරුවරුන් 10දෙනෙක් සහ සිසු සිසුවියන් 10දෙනෙක් වාර්තා වී තිබේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පාසල තුළ සෞඛ්‍ය උපදෙස් පිළිනොපඳින බවට තහවුරු වීමෙන් අනතුරුව විදුහල්පතිවරයාට දැඩි ව අවවාද කර තිබේ.