බහුතරයක් ඉන්දියානුවන් සිටින මෙරට කම්හලකින් කොරෝනා පොකුරක්...දැඩි අවදානම් තත්ත්වයක්.

Corona Indian Waththala Yamaha factory
By Aruna Jun 21, 2021 07:46 AM GMT
Aruna

Aruna

Report

වත්තල හේකිත්ත ප්‍රදේශයේ මහපරිමාණයේ යකඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවකයන් 128 දෙනෙකු කොවිඩ් වැලඳී ඇත.

පෙරේදා (19 වැනිදා) එම කම්හලේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයකින් තහවුරු වූ බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුණ අමරසේකර පැවසීය.

අදාළ කර්මාන්ත ශාලාවේ සේවකයන් 194 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණය සඳහා යොමු කර ඇත.

හඳුනා ගෙන ඇති කොරෝනා ආසදිතයන් අතරින් පුද්ගලයන් අනූ දෙදෙනකු මෙම කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු ඉන්දියන් ජාතිකයන් බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සඳහන් කරයි.

මේ වන විට අදාළ කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට කටයුතු යොදා ඇති අතර හඳුනාගත් කොරෝනා ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කර ඇති බවත් කම්හලේ ඉතිරි සේවකයන් කර්මාන්ත ශාලාව තුළම නිරෝධායනයට යොමු කොට ඇති බවත් වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

ඉන්දියාවේ සුප්‍රසිද්ධ සමාගමකට අනුබද්ධිතව දිගු කලෙක සිට වත්තල හේකිත්ත ප්‍රදේශයේ පවත්වා ගෙන යන මෙම යකඩ කර්මාන්ත ශාලාවේ සේවකයන් අතරින් බහුතරයක් ඉන්දියන් ජාතිකයන් බව පැවසේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now