ජම්පටා වීදියේ ගින්නක් - ගින්න නිවීමට ගිනි නිවීම් රථ 12ක්

By Sewvandhi Feb 27, 2022 09:35 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොළඹ - ජම්පටා වීදිය ප්‍රදේශයේ අද (27) පස්වරුවේ ගිනි ගැනීමක් සිදුව ඇති බව වාර්තා වනවා.

මෙම ගින්න හටගෙන ඇත්තේ එම ප්‍රදේශයේ පිහිටා ඇති ගොඩනැගිල්ලකයි.

හටගත් ගින්න නිවා දැමීම සඳහා මේ වනවිට ගිනි නිවීමේ රථ 12ක් යොදවා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇති අතර, ගින්නෙන් ජීවිත හානි සිදුව නැහැ.

කෙසේවෙතත් ගින්නෙන් දේපොළ හානි සිදුව ඇති අතර, ගින්න හටගත් හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now