කොරෝනා නිසා අකාරුණික වූ සහෝදර ප්‍රේමය සංවේදී වීඩියෝව (VIDEO)

covid19 Covid infection Weyangoda nun gamuva adhikarige Vimalavathi
By Sewvandhi Sep 06, 2021 01:17 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් වැලදී රෝහල්ගතව සිට නැවත නිවසට පැමිණි තම සහෝදරියට අඩම්තේට්ටම් කළ සහෝදරයෙකු පිළිබද පුවතක්  මීට පෙර වාර්තා වුනා. සහෝදරයාගේ ආසාධාරණයන් පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමට ගිය අදාල කාන්තාවට ඇගේ නිදි පැදුර ද අහිමි කළ බව අද වාර්තා වුණා.

මේ වේයංගොඩ - නුංගමුව ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි අධිකාරීගේ විමලාවතී. කලකට ඉහත මව්පිය උරුමයෙන් ඇයටත් අයිතිවාසිකම් කීමට තිබු මහගෙදර ඇය සිය බාල සහෝදරයාට ලබාදීමට තරම් කාරුණික වී තිබුනා.

මහගෙදර අයිතිය හිටපු ගුරු උපදේශකවරයෙකු වූ තම සහෝදරයාට ලබාදී විමලාවතීද ජීවත්වුණේ මෙම නිවසේමයි. අවිවාහක දියණියක් ද සිටින විමලාවතීට පසුගිය දිනක කොවිඩ් වෛරසය ආසාධයන වී තිබුනා.

රෝහල්ගතව ප්‍රතිකාර ලබාගෙන පැමිණි ඇයව යළි නිවසට ගැනීමට ගුරු උපදේශක සහෝදරයා කැමැත්ත පළ කර තිබුනේ නැහැ.  එම සිද්ධිය පිළිබද විමර්ශනය කිරීමට විමලාවතීට හා ඇගේ සොයුරාව වේයන්ගොඩ පොලිසිය වෙත කැදවා තිබුනා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now