බ්‍රිතාන්‍ය ඇමතිවරියක් දිවයිනට.

Report

බ්‍රිතාන්‍ය අමාත්‍ය ඈන් මරී ට්‍රවෙලියන් අද (10) තෙදින නිල සංචාරයකට දිවයිනට පැමිණ තිබෙනවා.

ඇය බ්‍රිතාන්‍ය ඉන්දු - පැසිෆික් කලාපය සඳහා වන විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කරනු ලබනවා.

ඇය කොළඹ සහ යාපනයේ සංචාරය කිරීමට නියමිතයි.

බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය නිවේදනය කලේ අමාත්‍යවරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විදේශ අමාත්‍ය අලි සබ්‍රි මෙන්ම මෙරට ව්‍යාපාරික සහ සිවිල් සංවිධාන හමුවූ සාකච්ඡා කිරීමට නියමිත බවයි.