ගසක අත්තක් කඩා වැටී සිදු වූ බිහිසුණු අනතුරේ අලුත්ම තත්ත්වය..(PHOTOS)

Police spokesman Sri Lanka Police Accident Latest Headlines
By Sewvandhi Mar 28, 2024 04:34 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පොලීසිය පවසන්නේ, මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බවයි.

අද පස්වරු 7.30ට පමණ බෝ ගසේ අත්තක් කඩාවැටීමේ හේතුවෙන් මහරගම හයිලෙවල් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ලවිය.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ, එම අනතුරින් යතුරුපැදියකට, ත්‍රිරෝද රථ දෙකකට සහ මෝටර් රථයකට හානි සිදුව ඇති බවයි.

මේ වනවිට කඩා වැටුණු බෝ ගසේ අත්ත එම ස්ථානයෙන් ඉවත්කර ඇති බවයි, පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

GalleryGalleryGalleryGalleryGalleryGallery