දුම්රියෙන් ඇද වැටුණු පෙම්වතිය බේරගන්න දුම්රියෙන් පැන්න අපූරු පෙම්වතා..(VIDEO)

Colombo Badulla Udarata Manike Ohiya Idhalgashinna
By Sewvandhi Feb 04, 2022 07:54 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියේ ඊයේ (03) ප්‍රංශ ජාතික තරුණ යුවළක් ගමන් කර තිබූ අතර තරුණිය හදිසියේම දුම්රියෙන් පිටතට ඇදවැටී තිබේ.

ඒ ඔහිය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතරදීය. ඔවුන් දෙදෙනා දුම්රිය පා පුවරුවේ ගමන් කර ඇති බව වාර්තා වෙයි.

ධාවනය වූ දුම්රියෙන් එකවරම ඇදවැටුණු සිය පෙම්වතිය බේරාගැනීම සඳහා පෙම්වතා ද දුම්රියෙන් පැන තිබේ.

පසුව දුම්රියේ සිටි අනෙක් මගීන් සීදුව නාද කර දුම්රිය නවතා ගැනීමට ක්‍රියා කර ඇත. අනතුරෙන් එම යුවළට සුළු තුවාල සිදුවී තිබූ අතර දෙදෙනාව දියතලාව මූලික රෝහලට ඇතුළත් කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now