ලොක්කෙක් බිරිඳට සහ දරුවන්ට පහර දෙයි..ඉවසන්න බැරිම තැන බිරිඳ කරපු දේ මෙන්න..
Police
Sri Lanka
High court
By Aruna
අධිකරණ ක්ෂේත්‍රයේ ඉහළම තනතුරක සිටින තම සැමියා විසින් තමනට හා දරු දෙදෙනාට හිංසා කරන බව පවසමින් ඔහුගේ බිරිඳ විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ පසුගිය 4 වැනිදාය.
සැමියාගේ නම සඳහන් බිරිඳ කරන ලද පැමිණිල්ල අනුව එම සැමියා බිරිඳ සහ දරුවන් දෙදෙනාට පහර දී හිරිහැර කරන බව සඳහන්ව ඇතැයි පොලිස් නිළධාරියෙකු සඳහන් කළේය.
මේ හේතුවෙන් තමන්ගේ සහ දරුවන්ගේ ජීවිත ආරක්ෂාව පිණිස ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යටතේ නඩු පැවරීමට කටයුතු කරන ලෙස ඇය පොලිසියෙන් ඉල්ලීමක් කර ඇත.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ සිදුකරමින් පවතී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
