කඩවත එජාප ප්‍රධාන කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක්.

Sri Lanka Police UNP
By Wayomi Mar 26, 2024 01:16 PM GMT
Wayomi

Wayomi

Report

අද (26) කඩවත ඇල්දෙනිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

එය විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් බවයි වාර්තා වන්නේ.

මෙම බෝම්බ ප්‍රහාරයට දේශපාලනික පළිගැනීමක් මුල් වී ඇති බවට පොලිසිය සැක පලකරන අතර බෝම්බ ප්‍රහාරය එල්ල කළද බෝම්බය පිපිරි නොමැත.

පක්ෂ කාර්යාලය ඉදිරියේ ඇති මාර්ගයේ තිබී ජීව අත්බෝම්බයේ කොපුව හමුවී තිබූ අතර එම අත් බෝම්බය පක්ෂ කාර්යාලය තුළ තිබියදී සොයාගැනුණු බවයි පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් මෙම බෝම්බ ප්‍රහාරය පක්ෂ කාර්යාලයට එල්ල කර පලා යන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.  

ReeCha