මාස 8 ක බිළිඳෙකු ඇතුළු 8ක් ගමන් ගත් බෝට්ටුවක් පෙරළී තිදෙනෙක් අතුරුදන් - පිරිසක් රෝහල් ගත කරයි

By Sewvandhi Nov 12, 2022 08:30 AM GMT
Report

සූරියවැව - මහවැලිකඩආර වැවේ ඔරුවක් පෙරලීමෙන් දියේ ගිලුණු පුද්ගලයින් 8 දෙනෙකු අතුරින් තුන් දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.

බේරා ගත් මාස 8 ක බිළිඳෙකු ඇතුළු 5 දෙනෙකු රෝහල්ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කුරුණෑගල සිට දානමය පිංකමක් සඳහා සූරියවැව ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණි පිරිසක් බව සඳහන්.

අතුරුදන්ව ඇත්තේ 10, 16 සහ 18 වියේ පසුවන්නන් බවයි පොලීසිය සඳහන් කළේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now