ආපනශාලා දෙකකට සීල් තියයි - උයන්න ගෙනාව කුකුල් මස්වල පණුවන්.. කල් පසු වූ ආහාරත් ආය ආය රත් කරලා දීලා..

Jaffna Sri Lanka Sri Lanka Food Crisis
By krishani Aug 11, 2023 05:28 PM GMT
krishani

krishani

Report

ඊයේ (10) යාපනය මධ්‍යම බස් නැවතුම්පල ඉදිරිපිට හා ඒ අවට ආපන ශාලා නිරීක්ෂණය කළ යාපනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ආපනශාලා දෙකක් සීල් තබා ඇත.

ඒ අපිරිසිදු ලෙස ආහාර පිසූ හා අලෙවි කිරිම හේතුවෙන් ය. 

මිනිස් ආහාරයට නුසුදුසු ආහාර රැසක් මෙම ආපනශාලා දෙකේම තිබි හමු වී තිබෙනවා.

එහිදී පලවෙනි වතාවට ඔවුන්ට සමාවක් හිමි වූ අතර මෙවර පරීක්ෂා කිරීමේ දී ද පෙර වතාවටත් වඩා ඉතා අපිරිසිදු ලෙස ආහාර පිලියෙල කොට තිබි හමු විය.

මෙම ආපන ශාලා දෙකින් එකක පිසීමට රැගෙන විත් තිබූ කුකුල් මස් නරක් වී පණුවන් ද සිට ඇත.

කල් පසු වූ ආහාර යළි රත් කොට ජනතාවට අලෙවි කරමින් තිබූ බව ද වාර්තා වේ.

කෙසේ වෙතත්,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියා සිටියේ සීල් තබන ලද ආපන ශාලා දෙකේම අයිතිකරුවන්ට විරුද්ධව අධිකරණමය පියවර ගත් බවයි.

ReeCha