අම්මයි තාත්තයි ගෙදර ඉද්දිම සිගිත්තියට අත්වු බිහිසුණු ඉරණම
By Sewvandhi
වාද්දූව පොලීසිය පවසන්නේ, නිවසේ ජල පොකුණට වැටී මාස 19ක් වයසැති දරුවෙකු මියගොස් ඇති බවයි.
මෙසේ මියගොස් ඇත්තේ වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙක්ය.
මියගොස් ඇති දරුවා ,මව සහ පියා නිවසේ සිටියදී නිවස ඉදිරිපිට එළිමහනේ ඇති ජල පොකුණ අසල රැඳී සිට ඇත.
පසුව දරුවා දක්නට නොලැබුණු බැවින් සිදුකළ සොයාබැලීමේදී ජල පොකුණට වැටී සිටියදී සොයාගෙන තිබේ.
මෘතදේහය පානදුර මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර, වාද්දුව පොලිසීය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.