මාස තුනක බිළිඳෙකු මව්කිරි සිර වී අවාසනාවන්ත ලෙස මිය යයි..

Sri Lanka
By krishani Sep 25, 2023 10:49 AM GMT
krishani

krishani

Report

යාපනය ප්‍රදේශයේ මවක් විසින් ලබා දුන් මව්කිරි සිරවීමෙන් මාස තුනක බිළිඳෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ඊයේ (24) අදාළ බිලිඳාට මව්කිරි ලබා දෙමින් සිටිය දී ය.

ඒ මොහොතේ දරුවාගේ ශරිරය දරදඬු වී ගොස් ඇති අතර ඔහුගේ ශරීරය නිල් පැහැති වී තිබු බව වාර්තා වේ.

බිළිඳා වඩුකෝඩෙයි රෝහලට ඇතුලත් කරන විට ද මිය ගොස් සිට තිබෙනවා.

දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්‍ෂණය වඩුකෝඩෙයි රෝහලේ වෛද්‍ය ඒ.ජයපාලසිංහම් විසින් පැවැත් වීය.

කෙසේ වෙතත්, බිලිඳාගේ මරණයට හේතුව විජලනය වීම බව අදාළ වෛද්‍ය වාර්තාවේ සඳහන් වේ.

ReeCha