දුම්රිය වැසිකිළියේ දමා ගිය බිළිඳාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන රෝහල් ආරංචි මාර්ග පවසන දේ..
ඊයේ (10) රාත්‍රියේ දී කොටුව දුම්රිය ස්ථානයේ නවතා තිබූ කොළඹ – මඩකලපුව දුම්රියේ වැසිකිළිය තුළ නිල් පැහැති ප්ලාස්ටික් කූඩයක දමා ගොස් තිබිය දී මාස එක හමාරක් පමණ වයසැති බිළිඳෙකු සොයාගනු ලැබිණ.
ඒ වැසිකිළිය වෙත ගිය මගියෙකු විසින් දුම්රිය ආරක්ෂක නිලධාරීන් වෙත සිදු කළ දැනුම්දීමක් මත ය.
එම බිළිඳා පොලිසිය භාරයට ගෙන තිබෙන අතර දුම්රිය වැසිකිළිය තුළ බිළිඳා දමා ගිය අය අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව දුම්රිය ස්ථානයේ CCTV කැමරා පරීක්ෂා කිරීමට ද පියවර ගෙන ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
කෙසේවෙතත්, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කළ බිළිඳා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න.යන ඔබට වාසි රැසක්. |
