පෙම්වතුන් මුණ ගැහෙන්න යන මුවාවෙන් 15 වියැති දැරියකට ඇගේම යෙහෙළිය කළ හරියක්..

Report

මීගමුව ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයකට 15 හැවිරිදි දැරියක් අලෙවි කිරීමේ සිද්ධියට අදාළව එම දැරියගේම ‍යෙහෙළියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙම්වතුන් මුණ ගැහෙන්න යන මුවාවෙන් 15 වියැති දැරියකට ඇගේම යෙහෙළිය කළ හරියක්.. | A 17 Year Old Suspect Was Arrested At Negombo

එම 17 හැවිරිදි සැකකාරිය පසුගිය (22) මෙලෙස අත්අඩංගුවට පත් වූයේ.

සැකකාරිය යෙහෙළියගේ මව නොමැති අවස්ථාවේ දී පෙම්වතුන් මුණ ගැසීමට යන ලෙස පවසා රැගෙන ගිය බව ඇය පොලීසියට පවසා තිබෙනවා.

දියණිය නිවසෙන් පිටතට ගොස් නැවත පැමිණි නොමැති බවට මව විසින් පොලිසියට පැමිණි කර ඇත.

එමෙන්ම, සැකකාරිය දුම්රියෙන් නිවසකට රැගෙන ගොස් ඇති අතර, සිටින ස්ථානය පිළිබඳව ඇය විමසු විට පවසා ඇත්තේ එය මීගමුව ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථනයක් බවයි.

ඇය නැවත යෙහෙළිය සමඟ පැමිණ ඇති අතර, පෙම්වතා මුණ ගැසීමෙන් අනතුරුව පොලිසිය පැමිණ ඇත.

කෙසේ වෙතත්, අතවරයකට ලක් වී ඇති මෙම දැරිය කළුතර රෝහලට ඇතුළත් කර ඇති අතර, සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේ ය.