වයස අවුරුදු 97ක අත්තම්මා තැබූ ඇස් ඇදහිය නොහැකි වාර්තාව..!
වයස අවුරුදු 97ක් වන මහනුවර ගම්පොල ප්‍රදේශයේ පදිංචිව සිටින මිත්තණියක් පසුගියදා කැලණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයනය පිළිබඳව පශ්චාත් උපාධිය හිමි කරගැනීමට සමත් වූවාය.
මෙම විශ්වවිද්‍යාලයේ වයසින් වැඩිම උපාධි අපේක්ෂිකාව ලෙස විතානගේ ලීලාවති ඇස්ලින් ධර්මරත්න නම් වන ඇය ඉතිහාසගත වෙයි.
ලීලාවති මාතාව උපත ලබා ඇත්තේ 1926 වසරේ නොවැම්බර් 30 වනදා ය. නොතාරිස්වරියන් ලෙස සේවය කළ ඇය විවාහ වී ඇත්තේ 1962 වසරේ දී ය.
ඇයගේ සැමියා අවාසනාවන්ත ලෙස 1970 වසරේ දී මියගොස් ඇති අතර ඉන් පසුව සිය දියණියන් පස්දෙනාට අධ්‍යාපනය ලබාදෙමින් ඔවුන්ගේ සියලුම කටයුතු සිදුකර ඇත්තේ තනිවමය.
ඔවුන් මේ වන විට වෛද්‍යවරික්, නිතීඥවරියක්, හෙදියක්, උපාධිදාරි ගුරුවරියක් සහ මහාචාර්යවරියක් ලෙස සේවය කරමින් සිටි. සිය දියණියන් විවාහ කර දීමෙන් අනතුරව තමන් පාලි භාෂාව හැදැරීමට යොමු වූ බවයි ඇය සදහන් කරන්නේ.
ඉන් අනතුරුව අවුරුදු 94දී විද්‍යෝදය විශ්වවිද්‍යාලය මගින් පැවැත්වූ ත්‍රිපිටක ධර්ම හා පාලි භාෂා පරීක්ෂණයට පෙනී සිටි ඇය එයද සමත්ව ඇති බව වාර්තා විය.
ඉංග්‍රීසි භාෂා ගුරුවරියක් ලෙස ද සේවය කර ඇති ලීලාවති මාතාව සිය විවේක කාලයේදී මැහුම් ගෙතුම්, චිත්‍ර ශිල්පය, වගාකිරීම වැනි කටයුතුවල නිරත වෙන්නීය.
අධිෂ්ඨානය ඇත්නම් ඒ සඳහා කැපවීමෙන් වැඩ කරන්නේ නම් ඉලක්ක සපුරාගැනීමට වයස අදාළ නොවන බවයි, ලීලාවතී මාතාව පවසන්නේ.
