දරුණු සුනාමියට බයේ මිනිස්සු 900,000 පණ බේරගන්න අයින් වෙයි

Tsunami Japan Latest Headlines Sinhala news Breaking News
By Kaushi Jul 30, 2025 05:34 AM GMT
Kaushi

Kaushi

Report

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය නිසා සුනාමි රළ උතුරු ජපානයේ වෙරළ තීරයන් වෙත ඇතුළු වී ඇති බව වාර්තා වුණා.

සුනාමියෙන් ඉන්දියානු සාගරයට මොකද වෙන්නේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රටටම දැනුම් දීමක්

සුනාමියෙන් ඉන්දියානු සාගරයට මොකද වෙන්නේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රටටම දැනුම් දීමක්

ඒ අනුව සෙන්ටිමීටර් 30ක උසකින් යුතුව සුනාමිය රළ වෙරළට පැමිණි බව NHK ගුවන් විදුලි නාලිකාව වාර්තා කර බව සඳහන්. මින් පෙර ජපානයේ කාලගුණ ඒජන්සිය පවසා තිබුණේ ජපානයේ උතුරු සහ නැගෙනහිර වෙරළ තීරයේ ඔසාකා නගරයට දකුණින් වකයාමා දක්වා මීටර් තුනක් දක්වා සුනාමි රළ පැමිණෙන ඇති බවට බලාපොරොත්තු වන බවයි.

එසේම ජපානයේ ගිනිනිවීමේ හා ආපදා කළමනාකරණ ඒජන්සිය සඳහන් කළේ සුනාමි තත්ත්වය යටතේ මෙතෙක් කිසිදු තුවාලයක් හෝ හානියක් වාර්තා වී නැති බවයි.

මාස 9කින් EPF නෑ - සජිත්

මාස 9කින් EPF නෑ - සජිත්

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ හොකයිඩෝ සිට ඔකිනාවා දක්වා විහිඳෙන ජපන් වෙරළ තීරයේ අවට නගර සභා 133කට අයත් පුද්ගලයින් ලක්ෂ 9ක් පමණ මේ වන විට එම ස්ථානයන්ගෙන් ඉවත්කර ඇති බවයි.

කෙසේ වෙතත් රුසියාවට බලපෑ ප්‍රබල භූකම්පනය සහ සුනාමි තත්ත්වය නිසා ඉන්දියානු සාගරයට සුනාමි අනතුරු ඇඟවීමක් නැති බව ශ්‍රී ලංකා අපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසා තිබෙනවා.

රෝහිතගේ දුවම ගිහින් පොලීසියට භාරවෙලා

රෝහිතගේ දුවම ගිහින් පොලීසියට භාරවෙලා

ලග්න පලාපල 2025 ජූලි 30 : ලග්න 4 ක් සැලකිල්ලෙන් - ලග්න 6කට වාසනාවෙන් විහිදෙන මල්

ලග්න පලාපල 2025 ජූලි 30 : ලග්න 4 ක් සැලකිල්ලෙන් - ලග්න 6කට වාසනාවෙන් විහිදෙන මල්

ReeCha