ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හරින්න 8000ක්.. ඒ මෙහෙමයි..

Report

තැපැල් දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හරින්න 8000ක්.. ඒ මෙහෙමයි.. | 8000 For The Distribution Of Election Leaflets

ඒ ජනාධිපතිවරණයේ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම වෙනුවෙන් 8000කට ආසන්න සේවක පිරිසක් යොදා ගැනීමට අපේක්ෂා කරන බවයි.

ඒ අනුව නිල තැපැල් ජන්ද පත්‍රිකා මෙන්ම, කඩිනම් විශේෂිත ලිපි බෙදාහැරිම සදහා විශේෂ වැඩපිලිවෙලක් මේ වන විටත් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ බව නියෝජ්‍ය තැපැල්පති රාජිත .කේ රණසිංහ කොළඹ අද (29) පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් සදහන් කළේ ය.

මේ අතර, ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ලබන මස 5 වන දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

ඒ බව මැතිවරණ කොමිෂන් සභාව අද නිවේදනය කළේ ය.

එදිනට පෙර ඒවා නියමිත දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට ලැබිය යුතු අතර එදිනට තැපෑලට භාර දෙනු ලබන අයදුම්පත පිළිනොගන්නා බව එම කොමිෂන් සභාව සඳහන් කළේ ය.