ගොවි ජනතාවට සුබම සුබ ආරංචියක් - රජයෙන් ඉඩම් 800ක්

Report

ඇඹිලිපිටිය ගොවි ජනපදිකයින් 800කට ඉඩම් හිමිකම් බලපත්‍ර පිරිනමයි “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” තේමාව යටතේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි ගොවි ජනපදිකයන් 800 දෙනෙකු සඳහා නීත්‍යානුකූල ඉඩම් හිමිකම් බලපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයක් අද (30) පැවැත්විණි.

ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වලවේ විශේෂ බලප්‍රදේශය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

විශේෂ රථවාහන සැලැස්මක් - හෙට සහ අනිද්දා දහවල් 1 සිට රාත්‍රී 8 දක්වා

විශේෂ රථවාහන සැලැස්මක් - හෙට සහ අනිද්දා දහවල් 1 සිට රාත්‍රී 8 දක්වා

ඒ අනුව ඇඹිලිපිටිය චන්ද්‍රිකාවැව කොට්ඨාසයේ සහ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසම් 10ක පදිංචිකරුවන්ට මෙලෙස තමන් මෙතෙක් කල් භුක්ති විඳි ඉඩම් සඳහා නීත්‍යානුකූල හිමිකම් ඔප්පු ලබාදීම සිදුවිය.

ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශාන්ත පත්ම කුමාර, උපුල් කිත්සිරි, ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති වෛද්‍ය වසන්ත කුමාරසිරි යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයන් සහ සබරගමුව පළාත් ප්‍රධාන ලේකම්, රත්නපුර දිස්ත්‍රික් ලේකම්, මහවැලි අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් එක්ව සිටියහ.

තිළිණි ප්‍රියමාලි අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්න - කොටුව මහේස්ත්‍‍රාත් අධිකරණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වරෙන්තු

තිළිණි ප්‍රියමාලි අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්න - කොටුව මහේස්ත්‍‍රාත් අධිකරණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වරෙන්තු