ජීවිත 8ක් බිලිගත් මාරක අනතුරු

TRINCO RATHNAPURA DHENIYAYA KARAVANALLA PADUKKA
By Sewvandhi Nov 22, 2021 03:39 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරුවලින් නාවික හමුදා සෙබළෙකු ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් තිබේ. විහාරහේන - දෙනියාය මාර්ගයේ රෝහල අසලදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට ලිස්සාගොස් බෝක්කුවක ගැටීමෙන් සිදුවු රිය අනතුරකින් පැදිකරු මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

එලෙස මියගොස් ඇත්තේ 36 හැවිරිදි මාකොළ නාවික හමුදා කඳවුරේ සේවයේ නිරතව සිට ඇති නාවික හමුදා සෙබලෙකි. මේ අතර මාතලේ - මහනුවර මාර්ගයේ වරකාමුර ප්‍රදේශයේදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සාගොස් කොන්ක්‍රීට් කණුවක ගැටීමෙන් සිදුවු අනතුරකින් එම රථයේ රියදුරු මියගොස් තිබේ.

මේ අතර රත්නපුර - පැල්මඩුල්ල මාර්ගයේ පාතගොඩ ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇත. නවතා තිබු ලොරි රථයක ධාවනය වෙමින් තිබු ලොරි රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර අනතුරෙන් ධාවනය වෙමින් තිබු ලොරි රථයේ රියදුරු මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

මේ අතර ත්‍රිකුණාමලය - හබරණ මාර්ගයේ 126 කිලෝමීටර් කණුව අසලදී ද නවතා තිබු ලොරි රථයක ධාවනය වෙමින් තිබු වෑන් රථයක් ගැටීමෙන් සිදුවු අනතුරකින් අදාළ වෑන් රථයේ ගමන්ගත් පුද්ගලයෙකු මියගොස් තිබේ. මේ අතර මාතර - හක්මන මාර්ගයේ තිහගොඩ ප්‍රදේශයේ දි ත්‍රිරෝද රථයක් මාර්ගයේ පෙරළී ගොස් යතුරුපැදියක සහ පදික කාන්තාවක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

අනතුරෙන් බරපතළ තුවාල ලැබු 55 හැවිරිදි ත්‍රිරෝද රථයේ රියදුරු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය. වරකාපොළ - කරවනැල්ල මාර්ගයේ රුවන්වැල්ල ප්‍රදේශයේ දී ධාවනය වෙමින් තිබු පුද්ගලික බස් රථයක ගැටීමෙන් පදික කාන්තාවක් මියගොස් තිබේ.

මේ අතර පානදුර - රත්නපුර මාර්ගයේ ඕලුවිල ප්‍රදේශයේ දී වෑන් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවු රිය අනතුරකින් යතුරුපැදිකරු මියගොස් තිබේ. මියගොස් ඇත්තේ 75 හැවිරිදි රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි. නෙල්ලිඅඩි - පේදුරුතුඩුව මාර්ගයේ පේදුරුතුඩුව ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් රිය අනතුරක් සිදුව තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW