කොවිඩ් මාත්‍රා 8 ක් ගත් පුද්ගලයා..
65 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු පසුගිය වසර තුළ කොවිඩ් -19 වෛරසයට එරෙහි එන්නත් මාත්‍රා අවම වශයෙන් 8ක් වත් ලබාගෙන ඇති බව ඉන්දීය සෞඛ්‍ය නිලධාරියෙක් පවසයි.
බ්‍රම්ඩියෝ මැන්ඩාල් නම් 65 හැවිදි විශ්‍රාමික ලිපි බෙදන්නෙකුවන එම පුද්ගලයා පවසා ඇත්තේ තමන් කොවිඩ් වෛරසයට එරෙහිව එන්නත් මාත්‍රා 11ක් බිහාර් ප්‍රාන්තයේදී ලබාගත් බවය. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ එම එන්නත් මාත්‍රා ලබා ගැනීමෙන් තමන්ට කිසිදු උපද්‍රවයක් නොවූ බවත් එම නිසා තමන් සෞඛ්‍ය සම්පන්නව සිටින බවත්ය.
ඔහු 12 වැනි කොවිඩ් එන්නත් මාත්‍රාව ලබා ගැනීමට යාමේදී බලධාරීන් විසින් ඔහුව නවත්වා තිබේ. මධ්‍යයේපුරා දිස්ත්‍රික්කයේ සිය පවුල සමඟ පදිංචිව සිටින මෙම පුද්ගලයා මෙලෙස කොවිඩ් එන්නත් ලබාගත්තේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් මධ්‍යයේපුරා දිස්ත්‍රික්කයේ වෛද්‍යවරයෙක් විදෙස් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ මෙම පුද්ගලයා ස්ථාන 4කින් එන්නත් 8ක් ලබාගෙන ඇති බවට සාක්ෂි හමුවී ඇති බවය
. පසුගිය වසරේ ජනවාරි මස 16වනදා සිට ඉන්දියාවේ කොවිඩ් එන්නත් ලබාදීම සිදුකරන අතර එහි ලබා දී ඇත්තේ එරට නිෂ්පාදනය කළ කොවිෂීල්ඩ් සහ කොවැසින් එන්නත්ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |