සියදිවි නසාගත් හිටපු පොලිස්පතිට නිසි පොලිස් උත්තමාචාර දෙනවද නැද්ද යනුවෙන් විශේෂ තීරණයක්

Report

සියදිවි නසාගත් බවට සැකකෙරෙන හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ අවසන් කටයුතු සඳහා පොලිස් දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් පිරිනමනු ලබන පොලිස් උත්තමාචාර හිමි නොවන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පවතින පොලිස් ආචාර ධර්ම සහ රෙගුලාසිවලට අනුව, කිසියම් පොලිස් නිලධාරියෙකු සියදිවි හානිකර ගැනීමක් සිදුකරගෙන ඇති බවට තහවුරු වුවහොත්, එම නිලධාරියා කුමන තනතුරක් දැරුවද අවසන් කටයුතුවලදී කිසිදු පොලිස් උත්තමාචාරයක් හෝ නිල ගෞරවයක් පිරිනැමීමට නොහැකි බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැහැදිලි කරයි.

සී.ඩී. වික්‍රමරත්නගේ මරණ විමර්ශනය පොලිස් ලොක්කන් 10 දෙනෙකුගෙන් ප්‍රකාශ ගනී

සී.ඩී. වික්‍රමරත්නගේ මරණ විමර්ශනය පොලිස් ලොක්කන් 10 දෙනෙකුගෙන් ප්‍රකාශ ගනී

මාලඹේ තලාහේන පරාක්‍රම මාවතේ පිහිටි සිය නිවසේදී ඊයේ (17) උදෑසන සිදුවූ මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ චන්දන දීපාල් වික්‍රමරත්න මහතා සිය ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටි පොලිස් සැරයන්වරයා සතුව තිබූ නිල ගිනි අවිය පරීක්ෂා කිරීමේ මුවාවෙන් ලබාගෙන, අනතුරුව තම පපුවට වෙඩි තබාගෙන ඇති බවයි.

මෙම අවාසනාවන්ත සිදුවීම වන අවස්ථාවේදී අදාළ නිවසේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනාට අමතරව හිටපු පොලිස්පතිවරයාගේ බිරිඳ සහ බාල පුත්‍රයා පමණක් රැඳී සිට ඇති බව ද පොලිස් විමර්ශන කණ්ඩායම් ප්‍රකාශ කර සිටී.

අබිරහසක් ඉතිරි කරමින් මිය ගිය හිටපු පොලිස්පතිගේ මරණ පරීක්ෂණය ගැන විශේෂ තීරණයක්

අබිරහසක් ඉතිරි කරමින් මිය ගිය හිටපු පොලිස්පතිගේ මරණ පරීක්ෂණය ගැන විශේෂ තීරණයක්