රුපියල් කෝටි 10ක කොකේන් සමඟ මැලේසියානු ජාතිකයෙකු කටුනායකදී කොටු වෙයි
රුපියල් කෝටි 10කට ආසන්න වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ මැලේසියානු ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද (18) සිදුකළ පරීක්ෂාවකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, සැකකරු ඩුබායි සිට මෙරටට පැමිණ තිබුණි. ඔහු රැගෙන ආ චොකලට් බෝතල් තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ කොකේන් කරල් 92ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
එම කොකේන් තොගයේ බර කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 816ක් වන අතර, එහි වටිනාකම රුපියල් නව කෝටි අට ලක්ෂයකට ආසන්න බව රේගුව සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි මැලේසියානු ජාතිකයෙකි. සැකකරු සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.