හෙට පෙරවරු 11 දක්වා මේ දිස්ත්‍රික්කවලට විශේෂ අවදානමක් - රජයේ නිල නිවේදනය නොතකා මේ තැන්වල යන්න එපා
ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු තීරයේ මෙන්ම, හලාවත සිට මන්නාරම සහ කන්කසන්තුරය දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම තත්ත්වය හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශ විටින් විට රළු ස්වභාවයක් ගත හැකි බව ද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මේ හේතුවෙන් නාවික සහ ධීවර කටයුතුවල නිරත වන ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කළ යුතු අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නිකුත් කරනු ලබන නිල නිවේදන පිළිබඳව ද නිරන්තර විමසිල්ලෙන් පසුවන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.