තවදුරටත් ජලාශ 70ක් වාන් දමයි
ජලාශ 70ක් තවදුරටත් වාං දමමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.
ඒ වගේම එහි ජල කළමණාකරණ ඒකකයේ අධ්‍යක්ෂ පී.එස්.ඩී හේරත් මහතා සදහන් කළේ ඒ අතර ප්‍රධාන ජලාශ 36ක් වන බවයි.
එමෙන්ම මල්වතුඔය ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර තිබේ.