සීදූව ඝාතනය - සැකකරුවන් 7ක් අත්අඩංගුවට

Crime Death Law and Order Latest Headlines Sinhala news
By Shehan Aug 15, 2025 02:09 AM GMT
Shehan

Shehan

Report

සීදූව, ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවන් පස්දෙනෙකු සහ එම ඝාතනයට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු සීදූව පොලීසිය විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් දුම්මලසූරිය පොලිස් වසම තුළදී අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී මන්නා පිහි තුනක් පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යනු වයස අවුරුදු 17, 18, 21, 25, 27 සහ 44 වයස්වල පසුවන සීදූව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

මේ මොන අපරාධයක්ද දෙයියනේ, ලෙඩාව දාලා එන ටිකට සෞඛ්‍ය කාර්ය සහයිකාව ඇම්බියුලන්ස් එක ඇතුළෙදිම දූෂණය කරලා

මේ මොන අපරාධයක්ද දෙයියනේ, ලෙඩාව දාලා එන ටිකට සෞඛ්‍ය කාර්ය සහයිකාව ඇම්බියුලන්ස් එක ඇතුළෙදිම දූෂණය කරලා

ඔවුන් අද (15) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පසුගිය 12 වනදා රාත්‍රියේ ඊරියගහළිඳ ප්‍රදේශයේදී පිරිසක් විසින් පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දුන් බවට සීදූව පොලීසියට තොරතුරු ලැබී තිබුණි.

මෙම පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත. ඔහු 40 හැවිරිදි පුද්ගලයෙකි. සීදූව පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

අස්වැසුම අගෝස්තු මස දීමනාව අද ගිණුම්වලට

අස්වැසුම අගෝස්තු මස දීමනාව අද ගිණුම්වලට

අද දිනයේ - ප්‍රවේශම සහ ඉවසිලිය ඔබේ බලය වේ

අද දිනයේ - ප්‍රවේශම සහ ඉවසිලිය ඔබේ බලය වේ