මෙරට විදුලි පාරිභෝගිකයින් ගැන හෙළිදරව්වක්

Report

2025 දෙසැම්බර් මාසයේ නිකුත් වූ නවතම දත්ත වාර්තාවකට අනුව ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි පාරිභෝගිකයින්ගෙන් බහුතරයකගේ මාසික විදුලි පරිභෝජනය ඒකක 90ට අඩු මට්ටමක පවතින බව අනාවරණය වී ඇත.

ඒ අනුව ලබාදී ඇති දත්ත වලට අනුව මෙරට සමස්ත විදුලි පාරිභෝගිකයින් සංඛ්‍යාව (7,184,604) ලක්ෂ 71කට අධික වේ ඉන් පාරිභෝගිකයින් ලක්ෂ 48කට වැඩි පිරිසක් (4,847,199) අයත් වන්නේ මාසිකව ඒකක 0ත් 90ත් අතර ප්‍රමාණයක් භාවිත කරන ගෘහස්ථ කාණ්ඩයටයි.

මෙය සමස්ත පාරිභෝගික සංඛ්‍යාවෙන් 67.5%ක ප්‍රතිශතයකි එහිදී වැඩිම පාරිභෝගිකයින් පිරිසක් එනම් ලක්ෂ 18කට අධික පිරිසක් (1,851,831) මාසිකව ඒකක 0-30ත් අතර ප්‍රමාණයක් පමණක් භාවිත කරන බවද වාර්තා වේ.

ඉහළ ගිය විදුලි බිලට රජයෙන් සහනයක් - ලැබෙන්නේ මේ අයට විතරයි

ඉහළ ගිය විදුලි බිලට රජයෙන් සහනයක් - ලැබෙන්නේ මේ අයට විතරයි

  කෙසේ වෙතත් මෙම විශාල පාරිභෝගික පිරිස මෙරට සමස්ත විදුලි පාරිභෝගිකයින්ගෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් නියෝජනය කළද ඔවුන්ගේ සමස්ත විදුලි පරිභෝජනය සටහන් වන්නේ ගිගාවොට් පැය 202.28ක් ලෙසිනි .

එය මෙරට සමස්ත විදුලි පරිභෝජනය වන ගිගාවොට් පැය 1,144.12න් 17.7%ක ඉතා කුඩා ප්‍රතිශතයක්. ඒ අනුව පැහැදිලි වන්නේ මෙරට සාමාන්‍ය ගෘහස්ථ පාරිභෝගිකයින් බහුතරයකගේ විදුලි පරිභෝජනය ඉතාම අවම මට්ටමක පවතින බවයි.